Tuesday 2 December 2014

සිතිවිල්ල (Memories of good old golden age)

ඇහෙනවා කසුකුසුව
එහා cubical එකෙන්
මෙහා cubical එකේ ඉන්නා මට

කියයි තම සගයාට Tech Lead
හරියට හදපන් ඔය defect එක
නැතතම් අරුන් තව
Showstopper defect එකක් දමාවි
යන්තමින් සිනාසෙමි මම ඔවුන් හට...

තැනක තව සද්දයක් PMගෙ
කෝ තවම නැද්ද  build එක
අද දෙන්න පුළුවන්ද...
කීයටද දෙන්න පුළුවන්
අරගොල්ලෝ ඉන්නවා
smoke test එක කරන්නට බලාගෙන

පිටිපසින් තදට යන argument  එකක්
මේ defect severity එක high නෙවෙයි
medium කරන්න කො
සියුමැලි ලලණා හඞකින් වුවද
ටිකක් බරපතල ප්‍රශ්ණයක් වගෙයි
මට නෙවෙයි එයාට

Software QA ජොබ් එකත් වූ කලී
එක්තරා විදියකට
අනුන්ගේ වැරදි සෙවීමකි
ජීවිත වල නොව
Code වල
හොඳකට ඇත්තේ
නැත ගල් මුල් ඇසිඩ් වෙඩි

මේ සියලු දේ මැද
බලමි මම හෝරාව
මැදියම් රැය පසුව
තව දිනක් උදාවී මෙහි සිටම
ගෙදර යන්නේ මම පසු දිනය...


මා අතින් වදන් ඇමිණු මෙය 2004 සිට 2006 දක්වා මා ගෙවූ මගේ රැකියාවේ ස්වර්ණමය යුගය 
ආවර්ජනය කරමින් මීට වසර පහකට පමණ පෙර ලිය වූවකි. එකල මා සේවය කල ආයතනයේ සඟරාවකට මෙය යැවුණු ලද්මුත් එම සඟරාවේ මෙය පලවූවාදැයි මම අදටත් නොදනිමි. 

ක්‍රි.ව. 2014 ක් වූ දෙසැම්බර් මස දෙවන දින පූජිත විසින් ආවර්ජනය කර සටහන් කරන වගයි...