Tuesday 20 December 2016

මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය - පිවිසුම

ජයන්ත චන්ද්‍රසිරි යනු අපේ නූතන් කලාකරුවන් අතර මා දකිනා අනාගත එදිරිවීර සරච්චන්ද්‍ර කෙනෙකි.
ආචාර්ය සුදත් ගුණසේකරයන් දකිනා පරිදි ඔහු ගායන ක්‌ෂේත්‍රයේ අමරදේව සහ නන්දා මාලිනී වැනි චරිතයකි, සංගීත ලෝකයේ කේමදාස කෙනෙකි.

ඉතිහාසය ඇසුරින් සිනමා කෘති ගණනාවක් නිර්මාණය වූ මෑත කාලයේ ජයන්ත චන්ද්‍රසිරියන් අතින් නිමැවුනු 'මහරජ ගැමුණු' තවත් එක් එවැනි සිනමා නිර්මාණයකට වඩා ඔබ්බට ප්‍රේක්ෂකයා ගෙන යන්නකි.

එම සිනමා නිර්මාණය තුලින් හැකි උපරිම අයුරින් ඔහු ප්‍රේක්ෂකයා ඔහුගේ අරමුණ කරා රැගෙන යයි. එනමුත් තිර පටයක් මත රඟදැක්විය නොහැකි තවත් දහසකුත් එකක් දෑ ග්‍රහණය කිරීමට නම් ජයන්තයන් විසින් රචිත මහරජ ගැමුණු නවකතා කෘතිය හෝ 2010 සිට සතිපතා දිවයින ඉරිදා සංග්‍රහයේ පලවූ  මහරජ ගැමුණු නවකතාව එක දිගට කියවා රස විඳිය යුතුය.

මාගේ මේ උත්සාහය එ දවස දිවයින ඉරිදා සංග්‍රහයේ පලවූ මහරජ ගැමුණු ලිපි පෙල අඛන්ඩව රස විඳිය හැකි අයුරින් එක් තැනකට ගොමු කොට තැබීමටයි.

මේ සියලු රචනාවල පූර්ණ අයිතිය එහි රචකයා සතුය.

කරිදියෙන් එතෙර සිංහල අකුරක් ඇස නොගැටෙන සිංහල වචනයක් කන නෑසෙන ඉසව්වක සිටින විට මෙවැන්නකට කල හැකි දේ අති මහත් යැයි මාගේ විශ්වාසයයි.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ඉන්පසු මිනිස්‌සු වැඩිපුරම සතුටින් සිටියහ.

මිනිසෙක්‌ තව මිනිසකුගේ වහලකු හෝ දාසයකු හෝ නොවේ යැයි විශ්වාස කරන, හැම මිනිසකුගේම ශ්‍රමයට වටිනාකමක්‌ ඇතැයි විශ්වාස කරන, අමුතුම රාජ ධර්මයක ගුණ සුවඳ විඳිමින් මිනිස්‌සු සතුටින් සිටියහ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

සමහරු මහ පෝයට සිල් රැක්‌කහ. සමහරු එසේ නොකොට එදා ද වෙළෙඳාමේ ගියහ.

එහෙත්, මේ දෙගොල්ලෝම සතුටින් සිටියහ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

සතුට වනාහි පරම ධනයක්‌ බව මිනිස්‌සු භාවිතයෙන්ම වටහා ගත්හ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆


01 කොටස - අප පරාජය වෙලා බැහැ

02 කොටස - මේක මහා උමතුවක්‌ නාදය තියෙනවා, තාලය නැහැ

03 කොටස - මෙය නපුර පරාජය කරන භූමියක හෙයින්..

04 කොටස - නෑකමට එනවානම් ගෙදරට එමු

05 කොටස - මුල් විනාශ කිරීමේ රුදාව

06 කොටස - අර්ධ නාගයන් ඔබ සාදරයෙන් පිළිගන්නවා!

07 කොටස - සතුරා සිහිනයක්‌ සේ පැමිණියහොත්..

08 කොටස - නිර්වානය මරණය මෙන් අනිවාර්ය නෑ

09 කොටස - නැහැ, දැන් ඔබ එය අතහැර දමන්න

10 කොටස - හොරෙන් බලන්න මම ලලනාවක්‌ ද මිනිහෝ?

11 කොටස - මගේ තෝරා ගැනීම නිවැරදියි දරුවනේ

12 කොටස - කාලවාදියා

13 කොටස - මම බිත්ති අමතමි, ද්වාරවලට ද පණිවිඩය යා යුතුයි

14 කොටස - මේ රටේ අනාගතයේ නියෝගයෙන්

15 කොටස - මිනිසකුට මිනිසකු විය නොහැකි නම් රජෙකු ද විය නොහැකිය

16 කොටස - ඔබ ධාර්මික එළාර ඔහු දුෂ්ට ගාමණි

17 කොටස - මේ ඉන්නෙ ගොපලු දෙවියොද කියල මං බය නිසා

18 කොටස - ආදරය පිරිසිදු ජලයේ පාටය

19 කොටස - රාජ්‍ය විචාරන්නට මට කම්මැලියි

20 කොටස - රාජ කුමාරවරු බොරු කිව්වට ගොවියෝ බොරු කියන්නේ නැහැ

21 කොටස - කතී

22 කොටස - අවදානම් තත්ත්වයක්‌, කුරුල්ලා පියාසර නොකළ යුතුය

23 කොටස - භික්‍ෂූන්...! භික්‍ෂූන්...!! භික්‍ෂූන්...!!!

24 කොටස - මා පළා යනවා ඔබත් පළායන්න!

25 කොටස - ඉරණමේ මාවත දිගේ ඔහු එනවා ශාරදා

26 කොටස - ඉඩංගණී යන්ත්‍ර ප්‍රහාරය

27 කොටස - යුද්ධයටයි ප්‍රේමයටයි තවමත් ගැලපෙන්නේ පරණ ක්‍රමමයි

28 කොටස - සිනාසිසී පැමිණ යටත්වෙනු

29 කොටස - කළුගලක්‌ ඇතුලට රිංගන්නේ කොහොමද?

30 කොටස - තව ඉතිරිව තිබෙන්නේ එක සිහිනයක්‌ පමණයි

31 කොටස - මට ශ්‍රේෂ්ඨ සතුරකු මුණගැසී තිබෙනවා

32 කොටස - භල්ලුක නෞකා සිතිජයේ දිස්‌වෙයි

අවසාන කොටස - ආරණ්‍ය වාසය සංසාර ගමන තරම් දුෂ්කර නැහැ

No comments:

Post a Comment